ඔයාගේ රැකියාව නැත්නම් වැඩපල සහ පවුල යන මේ දෙකේ සමබරතාවය ඔයාගේ ජීවිතයට සතුට ගෙන එන්න කොයිත් වැදගත්ද ?
මේ ගැන ඔයා කවද හරි හිතල තියනවද?, ජීවිතේ කඩා වැටිල තියන වෙලාවක?, නැත්නම් ජීවිතයේ ප්‍රශ්ණයකට උත්තරයක් හොයන වෙලාවක?
ඔයාගේ රැකියාව නැත්නම් වැඩපල සහ පවුල යන මේ දෙකේ සමබරතාවය, ජීවිතය සතුටින් ගත කරගන්න කොයිතරම් අවශ්‍ය වෙනවද,කියල ඔයාට කියල දීමත්, කොහොමද ඒ සමබරතාවය අප තුල ගොඩනගන්නෙ කියල දීමත් තමයි මේ වැඩසටහනේ ඉලක්කය .
ඔයා ඉතා හොදින් සතුටින් ඉන්න වෙලාවක වුනත් , ඔයාගේ රැකියාවේ නැත්නම් වැඩපලවල වල සහ පවුල යන දෙකෙන් එකක් නිසා ඔයාගේ ජීවිතයේ ගැටළුකාරී බවක් ඇතිවුනොත් ඔයාගේ ජීවිතයේ සමබර තාවය ගිලිහිලා ඔයා පීඩාවට දුකට පත්වන්න පුළුවන්. ප්‍රශ්ණ ගොඩක් ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්.මේ කරුණ ඔයාට , මට අපි ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි දෙයක්.
මෙන්න මේ වගේ තත්වයකට පත්වූ විට රැකියාව සහ පවුල සමබර කරගෙන ජීවිතයේ සතුට ලඟාකරගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන තමයි අපි මේ වැඩසටහනින් කථා කරන්නෙ.
මේ වැඩසටහනේ ඇති සුවිශේෂත්වය තමයි අපි මේ ක්‍රමවේදය , ඉතා සියුම් බෞද්ධ සංකල්ප වන සතිය, භාවනා ක්‍රම, සහ පාරමිතා සහ නවීන විද්‍යාත්මක කළමණාකරන ක්‍රම වේද යන දෙකම සම්බන්ධ කරගනිමින් සරල ආකාරයකට ඉදිරිපත් කරමින් ,ඔයාගේ ජීවිතයේ සමබරතාවය තුලින් සතුට ලඟා කරදීමට ප්‍රායෝගික වැඩපිලිවලක් සකස්කරගන්න උදව් කිරීම.
උදාහරණයක් ලෙසට දැක්වුවොත් , මේ වැඩ සටහනින් අපි පෙන්නා දෙනවා අපි කරන ආයෝජනයන්ට කොහොමද සිගාලෝවාද සූත්‍රය සම්බන්ධ කරගන්නේ,
අපි අපේ ආකල්ප තුලට සම්මා දිට්ඨිය ඇතුළු කරගනිමින් ජීවිතයට වැඩදායක ලෙසට ආකාල්ප වෙනස් කරගන්නේ කොහොමද ,
අපි රැකියාව කරන ස්ථානය පාරමිතා පුරන ස්ථානයක් බවට පත් කරගන්නේ කොහොමද.
යනාදී වශයෙන් තේමාවල් කීපයක් යටතේ සාකච්ඡා කරමින්, ඔයාට ඔයාගේ ජීවිතය සමබර කරගන්න, ප්‍රායෝගික වැඩපිලිවලක් ගොඩනගා ගන්න, උපකාරී කරගන්න පුළුවන් වන ලෙසට පියවරින් පියවරට ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇති මේ වැඩ සටහනට සම්බන්ධවීම තුලින් ඔයා මේ සමාජයේ සතුටින් සාමයෙන් සමගියෙන් ජීවත්වන පුද්ගලයකු බවට පත්විම ඔයාට අත්විදින්නට හැකිවේවි.